පෙරඹර අහස

හිරු නැගෙන්නට මත්තෙන් . . .




හිත පුරා පෙම දීලා
කවි සිතට පණ දීලා
සතුට නුඹ මට දීලා
ඇයි ද අද පිටුපාලා . . .
එකතු කල මල් කලඹ
සැම තැනම විසිරිලා
නැගෙන හිරු උණුසුමට
හීනයත් බොදවීලා . .
ඉකි ගහන හදවතට
කදුළු බිදු එක්වෙලා
දෝරෙ යන දුක් ගගට
ජීවිතෙත් දියවෙලා . .
ඔය දෑස නොම දකින
මගේ ඇස් බොද වෙලා
නොපෙනෙනා මානයක
ඇයිද ඔබ  නැවතිලා . .
ජීවිතේ දුර ගමන
එකට අත් පටලලා
පියෙන් පිය නගන්නට
සිටිය ඔබ වෙන්වෙලා . .
අහිමි දුක හංගගෙන
ඔබ යනෙන මග බලා
දුක නුහුරු හදවතත්
ඔබ සොයා ඉගිලිලා . .
මහා දුරු කතර මැද
තව තවත් තනි වෙලා
විඩාබර දෙනෙත් තුල
ඔබ මතක පැටලිලා . .
එක්වෙන්න වරම් නැත
පැතුම් ලොව සුන් වෙලා
පෙර භවයෙදිත් මෙලෙස
යන්න ඇති වෙන් වෙලා . .
සිනහ මල් පැතුම් ගෙන
යලිදු නුඹ එනු එපා
මියැදෙන්න දැන් ලගයි
කදුළු ඇත වියැකිලා . . .

දිල්රු

2014-02-07




0 comments:

Post a Comment