පෙරඹර අහස

හිරු නැගෙන්නට මත්තෙන් . . .




හිත පුරා පෙම දීලා
කවි සිතට පණ දීලා
සතුට නුඹ මට දීලා
ඇයි ද අද පිටුපාලා . . .
එකතු කල මල් කලඹ
සැම තැනම විසිරිලා
නැගෙන හිරු උණුසුමට
හීනයත් බොදවීලා . .
ඉකි ගහන හදවතට
කදුළු බිදු එක්වෙලා
දෝරෙ යන දුක් ගගට
ජීවිතෙත් දියවෙලා . .
ඔය දෑස නොම දකින
මගේ ඇස් බොද වෙලා
නොපෙනෙනා මානයක
ඇයිද ඔබ  නැවතිලා . .
ජීවිතේ දුර ගමන
එකට අත් පටලලා
පියෙන් පිය නගන්නට
සිටිය ඔබ වෙන්වෙලා . .
අහිමි දුක හංගගෙන
ඔබ යනෙන මග බලා
දුක නුහුරු හදවතත්
ඔබ සොයා ඉගිලිලා . .
මහා දුරු කතර මැද
තව තවත් තනි වෙලා
විඩාබර දෙනෙත් තුල
ඔබ මතක පැටලිලා . .
එක්වෙන්න වරම් නැත
පැතුම් ලොව සුන් වෙලා
පෙර භවයෙදිත් මෙලෙස
යන්න ඇති වෙන් වෙලා . .
සිනහ මල් පැතුම් ගෙන
යලිදු නුඹ එනු එපා
මියැදෙන්න දැන් ලගයි
කදුළු ඇත වියැකිලා . . .

දිල්රු

2014-02-07




එනවාද හනිකේම . . .




දගකාර ඔය දෑ                 දුටුවාම . .
පවසනා රහස මට           ැගුණාම . .
නොකියනා වදන ඔබෙ   ෙම්බරම . .
හංගන්නෙ ඇයි මෙලෙස   ැමදාම . .

මලින් මල විකසිතව          ිපුණාම . .
මල් යාය හිනැහෙන්නෙ  තරු සේම . .
ඒ අස්සෙ හැංගෙන්න         ැමදාම . .
ඉඩ දෙන්න මුළු ලොවට    රහසේම . .

සැලෙන විට මල් යා       සුළගේම . .
ඔබ එන්න සුවද වී              ැමදාම . .
රැක ගන්න මා දිවිය          පණසේම . .
එනවාද පිළිගන්න           හනිකේ. . .


~දිල් රු~
2014-02-02

මතක . . .



දෑස් අස්සෙන් වැටෙන කදුළැල්
මගේ හදවත රිදෙවුවාදෙන් . .
 
ගිලිහිලා ගිය සොදුරු සිත්තම
නුඹේ නෙත ලග බොද වුනාදෙන් . .

මැවූ හීනය අහස් ගවු උස
ගලන දුකටම දිය වුනාදෙන් . .

කියූ බස් ඔබ නෙතට ලං වී
කදුළු අතරෙම මියදුනාදෙන් . .

විසිරිලා ඇති මතක සැමරුම්
අපේ පයටම පෑගුනාදෙන් . .

නුඹේ දුප්පත් අහිංසක සිත
ඔහුගෙ සිත ලග සුරැකුනාදෙන් . . .


~දිල් රු~
2014 – 01 - 29

අප්පච්චී . . .


සුවහසක් දනන් මැද,
මහා දිවි තරුව ඔබ . .
කතර තුල වැඩ සිටින,
ක්ෂේම භූමියද ඔබ . .
දිවි ගමන ජයගන්න,
මහ සවිය වියද ඔබ . .
නිතර බත සවිය කල,
මහා කෙත් බිමද ඔබ . .
දිවි කතර ගිරි දඹේ,
නොසැලි අත් වැලද ඔබ . .
නව ලොවක මාවතේ,
නැවුම් නියමුවා ඔබ . .
මියෙන තුරු දිවි මගේ,
ජීව මිණි පහන ඔබ . .

~ දිල් රු~
2014-01-28