පෙරඹර අහස

හිරු නැගෙන්නට මත්තෙන් . . .

එනවාද හනිකේම . . .




දගකාර ඔය දෑස                 දුටුවාම . .
පවසනා රහස මට           හැගුණාම . .
නොකියනා වදන ඔබෙ   පෙම්බරම . .
හංගන්නෙ ඇයි මෙලෙස   හැමදාම . .

මලින් මල විකසිතව          පිපුණාම . .
මල් යාය හිනැහෙන්නෙ  තරු සේම . .
ඒ අස්සෙ හැංගෙන්න         හැමදාම . .
ඉඩ දෙන්න මුළු ලොවට    රහසේම . .

සැලෙන විට මල් යාය       සුළගේම . .
ඔබ එන්න සුවද වී              හැමදාම . .
රැක ගන්න මා දිවිය          පණසේම . .
එනවාද පිළිගන්න           හනිකේම. . .


~දිල් රු~
2014-02-02

0 comments:

Post a Comment